Wednesday, October 2, 2013

බොරු චොදනා

     නවක වදය ලෙස බොරු චොදනා නගමින් සබරගමුවේ සිසුන් 20ක ගේ යලිත් වරක් බාවය අහොසිකර ඇත
.-IUSF-

නේවාසිකාගාර ගෑටලු විසදනු-උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු!මහජන පෙත්සම



ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විසදන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් අඩි 100ක් දිග බැනරයකට අත්සන් එකතු කරන ලදි.
More Photo




ගැසට් පත්‍රය හකුලා ගනු,දැවැන්ත පා ගමන -පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය


                                                                                          සටන් පාඨ කිහිපය මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙනියේ සිට මහනුවර නගරය දක්වා දැවැන්ත පා ගමනක් අද දින සංවිධානය කර තිබුනි.

ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් , අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් ,පෞද්ගලික පාසල් වලට නිතිමය වටිනාකමක් ගෙන එමට සැරසෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා යෝජනව හකුලා ගන්නා ලෙසත්, මහාපොල ශිෂ්‍යාධාර දෙඟුන කරන ලෙසත්, ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත්,ශාස්ත්‍රිය නිදහස තහවුරු කරන ලෙසත් පාසල් වලින් ගාස්තු අය කිරීම වහා නවතන ලෙසත් ඇතුළු විශ්වවිද්‍යාල ගැටළු රාශියක් මුල් කරගනිමින් පා ගමන ක්‍රියාත්මක විය.


More photo











Tuesday, October 1, 2013

සංජීවට සරසවි බිම් තහනම් කරයි

E-mailPrintPDF
altසංජීව බණ්ඩාර මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකු නිසා ඔහුට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවසර දෙන ලෙස නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මගින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, විහ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ආරාධනාවක් ඇත්නම් පමණක් ඔහුට සරසවි තුළට යා හැකි බවයි.
සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂාකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජනතාවට පීඩා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවකට අදාළව මීට පෙර අධිකරණය සංජීව බණ්ඩාර මහතාට සරසවි තුළටඇතුළුවීම තහනම් කර නියෝයක් නිකුත් කර තිබිණි.

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්
රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය. Alternative Society නැමැති සිරස්තලය යටතේ මෙම ලිපිය Sunday Island පුවත්පතේ පළ වූයේ හරියටම ඊට සතියකට පෙරය. පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 හිරු පුවත්පතේ නැවත පළවිය.

සම්පුර්න ලිපිය

40% පරදවමු















More Posters

40% පරදවමු