Friday, October 11, 2013

විවෘත විශ්වවිද්‍යල ආරම්භය

 විවෘත විශ්වවිද්‍යාල(open universities) පද්ධතිය යනු විශ්වවිද්‍යාල අතරින් විශේෂිත වූ විශ්වවිද්‍යාල පද්ධතියකි. විවෘත විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවය මුලින්ම පෙන්වා දෙනු ලැබූයේ 1963 දී, හිටපු බ්‍රිතාන්ය අගමතිවරයෙකු වූ හැරල්ඩ් විල්සන් විසිනි. ඔහු ප්‍රකශකර සිටියේ විවෘත හා දුරස්ථ අධ්‍යන ක්‍රමයක් සහිත විශ්වවිද්‍යාලයක් අවශ්‍යය බවයි. “University of the Air" යන නමින් ඔහු මෙම සංකල්පය හදුන්වා දෙනු ලැබූහ. ඒ අනුව 1969 දී "University of the Air" ආරම්භ කරන ලදී.


  මෙම විශ්වවිද්‍යාලයට ගැලපෙන පරිදි, බ්‍රිතාන්‍ය විකාශන සංස්ථව මගින් පවතවාගෙන යනු ලබූ වැඩිහිටි අද්‍යපන වැඩසටහන් විශ්වවිද්‍යාලයට ගැලපෙන පරිදි ප්‍රතිසංවිධානය කරනු ලැබූහ. නමුත් එහි තත්වය පිළිබඳ ගටළු ඇතිවිය. මෙම ගැටළු විසඳා ගැනීමට ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිඩ්ජ් ඇතුලු ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාල කිහිපයක අචාර්යය වරුන්ගෙන් හා BBC ආයතනයේ අධ‍යාපන විකාශන අංශයේ හිටපු පලකවරයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි. මෙම කමිටුව විසින් " University of the Air"යන නම විවෘත විශ්වවිද්‍යාලය(The Open University) බවට වෙනස් කල අතර නව ඉගැන්වීම් රටා, වැඩසටහන් අධ්‍යන හා පුළුල්ව භාවිතා කල හැකි ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ තාක්ෂණය හඳුන්වා දෙන ලදි. මේ අනුව බ්‍රිතාන්ය විවෘත විශ්වවිද්‍යාලය(OUUK) ආරම්භ කරනු ලැබූහ.



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

1979-80 කාලය තුල සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් විශාල පිරිසකට අධ්‍යාපනය දියහැකි උසස් අද්‍යාපන ආයතනයක අවශයතාවය දැනෙන්නට විය. ඒ අනුව එවකට පැවති රජය විසින් විවෘත විශ්ව විද්‍යාලයක් අරම්භ කරන බවට ප්‍රකශකර සිටියහ. බ්‍රිතාන්‍ය විවෘත විශ්වවිද්‍යාලයේ ආකාරයට අධ්‍යාපන ආයතනයක් ඉදිකිරිමට සැලසුම් කරන ලදී.

නාවල ප්‍රදෙශයේ පිහිටි, දියවන්නා ඔයට ආසන්නයේ පිහිටි වගුරු බිමක් මෙ සඳහා තොරා ගනු ලැබූහ. මෙම වගුරු බිම විශ්වවිද්‍යාල පරිශ්‍රයකට ගැලපෙන ආකාරයට සකසනු ලැබූ අතර ක්‍රමයෙන් විශාල භූමියක් නිර්මානය විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල අතර ඒ අනුව 1980 ජුනි 19 වන දින, 1978 විශ්වවිද්‍යාල පනතේ අංක 16 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී. එමගින් අනෙකුත් විශ්වවිද්‍යාලට සමාන නිතිමය හා අධ්‍යාපන තත්වයන් මෙම විශ්වවිද්‍යාලටද ලබී ඇත.

1982-1984 කාලය තුලදී, නිතී උපාදි වැඩසටහන් ආරම්භ කල අතර 1985 දි ඉංජිනෙරු උපාදි, ශක්ති , ප්‍රවාහන ,ජලසම්පත් හා පරිඝණක යන ක්ෂෙත්‍ර යටතේ ආරම්භ කරන ලදි. මෙය දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හරහා ක්‍රියාත්මක කරන ලද ප්‍රථම ඉංජිනෙරු උපාදි වැඩසටහන වේ. 1989 දී අනෙකුත් විශ්වවිද්‍යාල වල පවතින ආකාරයට ඉංජිනෙරු වැඩසටහන්, සිවිල්, යන්ත්‍රික, විදුලි, ඉලෙක්ට්‍රොනික හා පරිඝණක ලෙස වෙනස් කරනු ලැබූහ.පසුව මෙකාට්‍රොනික් ඉංජිනෙරු, පේෂකර්ම හා කෘෂිකර්ම යන ක්ෂෙත්‍ර ද අතුලත් කරන ලදී. 1980-1985 කාලය තුල විවිධ ක්ෂේත්‍ර ගනනාවක පස්චාත් උපාදි වැඩසටහන් අරඹන ලදී. ඉංග්‍රීසි භෂා සහතිකපත්‍ර, කලමණාකරන සැලසුම් පිළිබඳ ඩිප්ලොමා, ගුරුවරුන් සඳහා පෙරපාසල් අධ්‍යාපන, විවිධ තාක්ෂණික සහතිකපත්‍ර, විද්‍යා හා ගණිත ඩිප්ලෝමා, ආදී වැඩසටහන් හඳුන්වා දෙනු ලැබූහ. 1985 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන්සභාවේ අවසරය මත හෙද උපාදි(Bachelor of Science in Nursing) වැඩසටහනක් ආරම්භ කරනු ලදී. මෙය ලංකාව තුල ආරම්භ කරන ලද ප්‍රතම හෙද උපාදි වැඩසටහනයි.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේන මහත්මිය මානව හා සමාජ විද්‍යාපීඨයේ පලමු පීඨාධිපතිතුමිය ලෙසද, මහාචාර්ය ඒ. තුරේරාජා මහතා ඉංජිනේරු තාක්ෂණ පීඨයේ පලමු පීඨාධිපතිතුමන් ලෙසද, මහචාර්ය නාලිනී රත්නසිරි මහත්මිය ස්වභාවික විද්‍යාපීඨයේ පලමු පීඨාධිපතිතුමිය ලෙසද ඉතිහාසයට එකතු වේ. 2003 වසර දක්වා විවෘත විශ්වවිද්‍යාලයේ පැවතියේ මෙම පීඨ තුන පමණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ අනුමැතියට අනුව නව පීඨයක් ලෙස අද්‍යාපන පීඨය පිහිටුවන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ, දුරස්ථ අධයාපන නවීකරණ වි‍යාප්රෘතිය(DEMP) මගින් තොරතුරු කළමණාකරන පද්ධතියක් විවෘත විශ්වවිද්‍යාලයේ ආරම්භ කල අතර එහිදී නව ඉගැන්වීම්, ඉගෙනීම් උපකරන හා ක්‍රමවෙදයන් ද නව වැඩසටහන්ද හඳුන්ව දෙනු ලැබූහ. එයට සමගාමීව 'NODES(National Online Distance Education service)' නමින් නව පරිඝණක විද්‍යාගාර නවයක් අධ්‍යන මද්‍යස්ථාන තුල ඉදිකරන ලදී. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තුල ආරම්භ කල විශාලතම බාහිර වියාපෘතිය මෙය වුවද යම් යම් නොගැලපීම් මත මේ වන විට අසාර්ථක වැඩසටහනක් බවට පත්ව ඇත.

විවෘත විශ්වවිද්‍යාලයේ ආරම්භයත් සමග රට පුරා ප්‍රාදේශිය මද්‍යස්ථාන හා අද්‍යන මද්‍යස්ථාන පිහිටවනු ලැබූ අතර ඉන් පසුවද අද්‍යන මද්‍යස්ථාන ආරම්භ කරන ලදී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල විශේෂිත හා ඉදිරියෙන් පවතින විශ්වවිද්‍යාලක් ලෙස ශ්‍රී ලංකා විවිවෘත විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැක.

0 comments:

Post a Comment