පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉලක්ක කර ගනිමින් සති තුනක පමණ කාලයක් කොළඹ නගරයේ උද්ඝෝෂණ තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.මේ බව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර මහතා පසුගියදා පුවත්පත් වෙත අනාවරණය කර තිබිණි. ඔහු පවසා තිබුණේ කොළඹ නගරය තුළ උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී සියල්ල තහනම් කෙරෙන බවයි.
ලෝකයේ වෙනත් රටවල ජාත්‍යන්තර සමුළු පැවැත්වෙන අවස්ථාවලදී ඒ ආසන්නයේ විරෝධතා දැක්වීමේ අයිතිය ජනතාවට තිබේ. ලෝකය පුරා එවැනි විරෝධතා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති එම තීරණය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ල මහතා පැවසුවේ, එම කාලය තුළ උද්ගෝෂණ සහ විරෝධතා ආදිය සීමා කිරීමට සිදු විය හැකි බවයි. සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්ව එලෙස කටයුතු කිරීමට සිදු විය හැකි බවද ඔහු පවසා තිබිණි. කෙසේ වෙතත් ලක්ෂ්ම් හුළුගල්ල මහතා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන දිනවල උද්ඝෝෂණ තහනම් බවට පැතිරෙන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි පැවසීමටය.


0 comments:
Post a Comment