Showing posts with label NEWS. Show all posts
Showing posts with label NEWS. Show all posts

Saturday, October 12, 2013

කොළඹ උද්ඝෝෂණ තහනමක්


altපොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉලක්ක කර ගනිමින් සති තුනක පමණ කාලයක් කොළඹ නගරයේ උද්ඝෝෂණ තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.මේ බව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර මහතා පසුගියදා පුවත්පත් වෙත අනාවරණය කර තිබිණි. ඔහු පවසා තිබුණේ කොළඹ නගරය තුළ උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී සියල්ල තහනම් කෙරෙන බවයි.
                             

Friday, October 11, 2013

සියළු බලවේග එක්ව සටන් බිමට බැසිය යුතුයි.


අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හා විශ්වවිද්‍යාලීය අචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය එක්ව සංවිධානය කල අධ්‍යාපනයේ අර්බුදය පිළිබදව සංවාදය අද දින කොලඹ CSR ශාලවෙදී පැවැත්වුනි. මේ සදහා වෘතීය සමිති නායකින්, විශ්වවිද්‍යාල අචාර්‍යවරු හා ශිෂ්‍යයින් සහාබාගි විය.
මෙහිදි අධ්‍යාපන බරපතල අර්බුදයක පවතින බවත් මේ සදහා සියළු බලවේග එක්ව පොදු සංධානයක් ගොඩනැගිය යුතුබවත්, අධ්‍යාපන ප්‍රශ්නය ගැන දැනුවත් කිරීමට ගමක් ගමක් ගානේ ගොස් මහා ජනතාව දැනුවත් කර පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නගා සටන් කල යුතු බව සමස්ත අදහස විය.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමනු! -අ. වි.වි.ශි.බ.ම.


මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දින මාධ්‍ය සාකච්චාවක් කොලඹ CSR ආයතනයේදී කැදවා තිබුනි.
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බන්ඩාර සහෝදරය කිය සිටියේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය නීත්‍යානූකූල කර එයට සුජාත බාවයක් ලබාදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හොර රහසේම පසුගිය සැප්තැම්බර් 30 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි

Wednesday, October 9, 2013

මහජන පෙත්සම අත්සන් කිරීම-කොළඹ

සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලා අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් පවත්වන මහජන පෙත්සම හා බැනරයකට අත්සන් ලබා ගැනීමේ දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයේ තවත් වැඩසටහනක් කොළඹ හා පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් විසින් අද (2013/10/01 වන) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. අදාළ පෙත්සමයට හා බැනරයට අත්සන් කිරීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ජනතාවගෙන් ඊට විශාල සහයෝගයක්ද හිමිවිය...