Tuesday, October 8, 2013

විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගාස්තු අර්බුදය

මේ අවස්ථාව වන විටත් විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගාස්තු සියලුම පීඨ සිසුන් සඳහා 40 % කින් වැඩිවී ඇති බව ඔබ දැනුවත් වී ඇතැයි සිතමු. මීට පෙර වසර වලදී වැඩි වූ 10 % එකවරම මේ වසරේ 40 % දක්වා ඉහල ගොස් ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව මේ වසරේ ගාස්තු එකතුවම ඊට පෙර වසරේ ගාස්තු එකතුවත් සම්ග සන්සන්දනය කිරීමේදී මනාව පැහැදිළිවේ. බොහෝ විට ඔබ මේ වසරේ මෙම ගාස්තුව ගෙවා දැමීමට විශාල අභියෝගයක් ලෙස නොදකිනු ඇත. නමුත් මෙම රටාව තුල ඉදිරි අවුරුදු දෙක හෝ තුන ඇතුලත සිදුවන ගාස්තු වර්ධනය රටේ සුලු පිරිසකට හැර අන් සියලු දෙනාටම ගැටලුවක් වන බව කිව යුතු නැත. මෙම අර්බුදය සම්බන්දයේන් පූර්ණ විස්තරයක් ඉදිරියේදී ගෙන එමට බලාපොරොතු වෙමු.

-දැනුවත් වන්න, දැනුවත් කරන්න, ක්‍රියාකාරී වන්න.

විවෘතය සුරැකීමේ ව්‍යාපාරය

0 comments:

Post a Comment