Tuesday, October 1, 2013

සංජීවට සරසවි බිම් තහනම් කරයි

E-mailPrintPDF
altසංජීව බණ්ඩාර මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකු නිසා ඔහුට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවසර දෙන ලෙස නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මගින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, විහ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ආරාධනාවක් ඇත්නම් පමණක් ඔහුට සරසවි තුළට යා හැකි බවයි.
සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂාකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජනතාවට පීඩා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවකට අදාළව මීට පෙර අධිකරණය සංජීව බණ්ඩාර මහතාට සරසවි තුළටඇතුළුවීම තහනම් කර නියෝයක් නිකුත් කර තිබිණි.

0 comments:

Post a Comment