Saturday, October 12, 2013

කොළඹ උද්ඝෝෂණ තහනමක්


altපොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉලක්ක කර ගනිමින් සති තුනක පමණ කාලයක් කොළඹ නගරයේ උද්ඝෝෂණ තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.මේ බව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර මහතා පසුගියදා පුවත්පත් වෙත අනාවරණය කර තිබිණි. ඔහු පවසා තිබුණේ කොළඹ නගරය තුළ උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී සියල්ල තහනම් කෙරෙන බවයි.
                             

Friday, October 11, 2013

විවෘත විශ්වවිද්‍යල ආරම්භය

 විවෘත විශ්වවිද්‍යාල(open universities) පද්ධතිය යනු විශ්වවිද්‍යාල අතරින් විශේෂිත වූ විශ්වවිද්‍යාල පද්ධතියකි. විවෘත විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවය මුලින්ම පෙන්වා දෙනු ලැබූයේ 1963 දී, හිටපු බ්‍රිතාන්ය අගමතිවරයෙකු වූ හැරල්ඩ් විල්සන් විසිනි. ඔහු ප්‍රකශකර සිටියේ විවෘත හා දුරස්ථ අධ්‍යන ක්‍රමයක් සහිත විශ්වවිද්‍යාලයක් අවශ්‍යය බවයි. “University of the Air" යන නමින් ඔහු මෙම සංකල්පය හදුන්වා දෙනු ලැබූහ. ඒ අනුව 1969 දී "University of the Air" ආරම්භ කරන ලදී.

සියළු බලවේග එක්ව සටන් බිමට බැසිය යුතුයි.


අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හා විශ්වවිද්‍යාලීය අචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය එක්ව සංවිධානය කල අධ්‍යාපනයේ අර්බුදය පිළිබදව සංවාදය අද දින කොලඹ CSR ශාලවෙදී පැවැත්වුනි. මේ සදහා වෘතීය සමිති නායකින්, විශ්වවිද්‍යාල අචාර්‍යවරු හා ශිෂ්‍යයින් සහාබාගි විය.
මෙහිදි අධ්‍යාපන බරපතල අර්බුදයක පවතින බවත් මේ සදහා සියළු බලවේග එක්ව පොදු සංධානයක් ගොඩනැගිය යුතුබවත්, අධ්‍යාපන ප්‍රශ්නය ගැන දැනුවත් කිරීමට ගමක් ගමක් ගානේ ගොස් මහා ජනතාව දැනුවත් කර පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නගා සටන් කල යුතු බව සමස්ත අදහස විය.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමනු! -අ. වි.වි.ශි.බ.ම.


මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දින මාධ්‍ය සාකච්චාවක් කොලඹ CSR ආයතනයේදී කැදවා තිබුනි.
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බන්ඩාර සහෝදරය කිය සිටියේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය නීත්‍යානූකූල කර එයට සුජාත බාවයක් ලබාදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හොර රහසේම පසුගිය සැප්තැම්බර් 30 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි

Wednesday, October 9, 2013

මහජන පෙත්සම අත්සන් කිරීම-කොළඹ

සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලා අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් පවත්වන මහජන පෙත්සම හා බැනරයකට අත්සන් ලබා ගැනීමේ දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයේ තවත් වැඩසටහනක් කොළඹ හා පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් විසින් අද (2013/10/01 වන) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. අදාළ පෙත්සමයට හා බැනරයට අත්සන් කිරීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ජනතාවගෙන් ඊට විශාල සහයෝගයක්ද හිමිවිය...

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය. Alternative Society නැමැති සිරස්තලය යටතේ මෙම ලිපිය Sunday Island පුවත්පතේ පළ වූයේ හරියටම ඊට සතියකට පෙරය. පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 හිරු පුවත්පතේ නැවත පළවිය.

Tuesday, October 8, 2013

විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගාස්තු අර්බුදය

මේ අවස්ථාව වන විටත් විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගාස්තු සියලුම පීඨ සිසුන් සඳහා 40 % කින් වැඩිවී ඇති බව ඔබ දැනුවත් වී ඇතැයි සිතමු. මීට පෙර වසර වලදී වැඩි වූ 10 % එකවරම මේ වසරේ 40 % දක්වා ඉහල ගොස් ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව මේ වසරේ ගාස්තු එකතුවම ඊට පෙර වසරේ ගාස්තු එකතුවත් සම්ග සන්සන්දනය කිරීමේදී මනාව පැහැදිළිවේ. බොහෝ විට ඔබ මේ වසරේ මෙම ගාස්තුව ගෙවා දැමීමට විශාල අභියෝගයක් ලෙස නොදකිනු ඇත. නමුත් මෙම රටාව තුල ඉදිරි අවුරුදු දෙක හෝ තුන ඇතුලත සිදුවන ගාස්තු වර්ධනය රටේ සුලු පිරිසකට හැර අන් සියලු දෙනාටම ගැටලුවක් වන බව කිව යුතු නැත. මෙම අර්බුදය සම්බන්දයේන් පූර්ණ විස්තරයක් ඉදිරියේදී ගෙන එමට බලාපොරොතු වෙමු.

-දැනුවත් වන්න, දැනුවත් කරන්න, ක්‍රියාකාරී වන්න.

විවෘතය සුරැකීමේ ව්‍යාපාරය

Wednesday, October 2, 2013

බොරු චොදනා

     නවක වදය ලෙස බොරු චොදනා නගමින් සබරගමුවේ සිසුන් 20ක ගේ යලිත් වරක් බාවය අහොසිකර ඇත
.-IUSF-

නේවාසිකාගාර ගෑටලු විසදනු-උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු!මහජන පෙත්සම



ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විසදන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් අඩි 100ක් දිග බැනරයකට අත්සන් එකතු කරන ලදි.
More Photo




ගැසට් පත්‍රය හකුලා ගනු,දැවැන්ත පා ගමන -පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය


                                                                                          සටන් පාඨ කිහිපය මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙනියේ සිට මහනුවර නගරය දක්වා දැවැන්ත පා ගමනක් අද දින සංවිධානය කර තිබුනි.

ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් , අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් ,පෞද්ගලික පාසල් වලට නිතිමය වටිනාකමක් ගෙන එමට සැරසෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා යෝජනව හකුලා ගන්නා ලෙසත්, මහාපොල ශිෂ්‍යාධාර දෙඟුන කරන ලෙසත්, ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත්,ශාස්ත්‍රිය නිදහස තහවුරු කරන ලෙසත් පාසල් වලින් ගාස්තු අය කිරීම වහා නවතන ලෙසත් ඇතුළු විශ්වවිද්‍යාල ගැටළු රාශියක් මුල් කරගනිමින් පා ගමන ක්‍රියාත්මක විය.


More photo











Tuesday, October 1, 2013

සංජීවට සරසවි බිම් තහනම් කරයි

E-mailPrintPDF
altසංජීව බණ්ඩාර මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකු නිසා ඔහුට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවසර දෙන ලෙස නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මගින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, විහ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ආරාධනාවක් ඇත්නම් පමණක් ඔහුට සරසවි තුළට යා හැකි බවයි.
සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂාකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජනතාවට පීඩා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවකට අදාළව මීට පෙර අධිකරණය සංජීව බණ්ඩාර මහතාට සරසවි තුළටඇතුළුවීම තහනම් කර නියෝයක් නිකුත් කර තිබිණි.

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්

විකල්ප සමාජයක් | රිචඩ් ද සොයිසා ඝාතනය වීමට සතියකට පෙර ලියූ ලිපියක්
රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ මීටවිසි වසරකට ප්‍රථම එනම් 1990 පෙබරවාරී මස 18 වැනි දාය. Alternative Society නැමැති සිරස්තලය යටතේ මෙම ලිපිය Sunday Island පුවත්පතේ පළ වූයේ හරියටම ඊට සතියකට පෙරය. පසු කලෙක පියල් සෝමරත්න විසින් සිංහලට පරිවර්තය කරන ලද මෙම ලිපිය “මාවත” සඟරාවේ පළ වූ අතර 2002 පෙබරවාරි 15 හිරු පුවත්පතේ නැවත පළවිය.

සම්පුර්න ලිපිය

40% පරදවමු















More Posters

40% පරදවමු